සේවය අතහැර ගිය පසුවත් අවුරුදු 4ක් වැටුප් ගෙවලා

මහනුවර මහ නගර සභාවට බඳවාගත් කම්කරුවෙකු මාස 03 ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සේවය අතහැර ගිය පසුත් වසර 04 ක කාලයක් වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවේ විගණන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් 2019 වසරේ අප්‍රේල් මස 02 වැනි දින රුපියල් 30,500.00 ක මාසික වැටුපකට බඳවා ගැනීමෙන් අනතුරුව ඔහුනගර සභාවේ ජල දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොට ඇති අතර එම වසරේම ජූලි මාසයේදී ඝන අපද්‍රව්‍ය එකකයට ස්ථාන මාරුවක් ලබා දීමෙන් පසු ඔහු සේවය හැරගොස් තිබේ.

ඔහු එසේ වැටුප් ලැබූ කාලය තුළ වසර එකහමාරක කාලයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුප්ථාපනය කරන කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වී ඇති බවද අනාවරණය වී තිබේ . එසේ ඔහුට ගෙවා ඇති වැටුප් මුදල රුපියල් ලක්ෂ 17 ක්.

ඔහු සේවය හැර ගොස් ඇති බවට ඝන අපද්‍රව්‍ය ඒකකය විසින් නගර සභා පරිපාලනයට දන්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?