ආනයනය සඳහා වන සෙස් බද්ද අප්‍රේල් පළමුවනදා සිට 100%ක් ඉවත් නොකරන බව කර්මාන්ත හා වයවාසය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසනවා.
කෙසේ වෙතත් අධියර කිහිපයක් යටතේ සෙස් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි ලේකම්වරිය සඳහන් කළේ.
ඒ අනුව අප්‍රේල් පළමු වනදා සිට ඇතැම් භාණ්ඩ සඳහාවන සෙස් බද්ද 50%කින් ඉවත් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ ලේකම්වරිය, 2027 අප්‍රේල් පළමුව වනදා සිට තවත් 25%ක් සහ 2029 අප්‍රේල් පළමු වනදා වන විට තවත් 25%ක් ලෙස සෙස් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි ඇය පවසා සිටියේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ලේකම්වරිය මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













