සංවිධානාත්මක ආපරාධකරුවෙක් වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් සපයා ඇයට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තිදෙනා පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.
අලුත්ගම පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්, ඔහුගේ නැන්දම්මා සහ මතුගම ශාන් නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
අපරාධය සිදුකිරීමෙන් පසු සෙව්වන්දි සැඟවී සිටි ස්ථාන පරීක්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමටයි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් නිලධාරීන් කටයුතු කළේ.
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව මතුගම සහ මිද්දෙණිය යන ප්‍රදේශවල මාස තුනක පමණ කාලයක් සැඟව සිට ඇති බවයි ඉෂාරා සෙව්වන්දි විමර්ශකයින්ට පවසා ඇත්තේ.
අනතුරුව බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගිය බවයි ඇය තවදුරටත් පවසා තිබුණේ.





