හල්දුම්මුල්ල පොලිස් වසමේ උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේදී දිය ඇල්ලක් අසල සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයෙකු දිය ඇල්ලට ඇදවැටී මියගොස් තිබෙනවා.
පසුගියදා තරුණයෙන් දෙදෙනකු උඩවේරිය වත්තේ මෙම දියඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදී එක් තරුණයෙකු සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා ඇල්ලට ඇදවැටී ඇති බවයි හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේ.
පසුව කළ සෝදිසියකදී සිද්ධිය වූ ස්ථානයෙන් මීටර් 200 ක් පමණ පහළින් දිය වළක තිබී තරුණයාගේ මළසිරුර සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් තිබුණේ වැලමිටියාව ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.













