සෙල්ලමට හැංඟුණු දරුවා දින 05කට පසු මැලේසියාවෙන් මතුවෙයි

බංග්ලාදේශයේ – චිතගොං නුවර කන්ටේනර් පර්යන්තයක සිය මිතුරන් සමඟ හොරා පොලිස් සෙල්ලමේ නිරතවීමට කන්ටේනරයක් තුළ සැඟවුණු දරුවෙක් දින 05කට පසු මැලේසියාවෙන් හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

15 හැවිරිදි පිරිමි දරුවෙක් මෙලෙස කිලෝමීටර් 3,000කට වඩා දුරින් පිහිටි මැලේසියාවේ කන්ටේනර් පර්යන්තයකින් හමුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

අදාළ දරුවා මිතුරන්ගෙන් සැඟවී සිටීමට කන්ටේනරය තුළ සැඟවුණු අවස්ථාවේ දී එය අගුළුලෑම හේතුවෙන් ඔහු ඒ තුළ සිරව තිබෙනවා.

දරුවා මෙලෙස සැඟවී ඇත්තේ මැලේසියාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ කන්ටේනර් තොගයකට අයත් කන්ටේනර් පෙට්ටියක් තුළ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දරුවා සිරව සිටි කන්ටේනරය සහ තවත් කන්ටේනර් තොගයක් රැගෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාව පසුගිය 12 වනදා මැලේසියාවේ ක්ලෑං වරාය බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

දින 05ක දීර්ඝ ගමනකින් පසු නෞකාව මැලේසියාවේ ක්ලෑං වරායට සේන්දු වී ඇත්තේ පසුගිය 16 වනදායි.

එහිදී නෞකාවෙන් ගොඩබාන ලද කන්ටේනරය පරීක්ෂා කිරීමේ දී එහි සේවක පිරිසකට කන්ටේනරය තුළ සිරවී සිටි දරුවා හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එම අවස්ථාව් දින ගණනක් ජලය සහ ආහාර නොමැතිව කන්ටේනරය තුල සිරව සිටි දරුවා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව සඳහන්.

කුසගින්න, බිය සහ දැඩි මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි එම දරුවා විජලනයට ලක්ව සිටි බවත්, වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගත් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මැලේසියානු බලධාරීන් පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශයේ විදේශ අමාත්‍යාංශයට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?