සෙනාරෝ මෝටර් කම්පැනි තම පළමු නිෂ්පාදනය ජනපති වෙත භාරදෙයි

මෙරට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කල සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් සයිකල් කිහිපයක් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු කෙරුණා.

සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන වඩුගේ මහතා විසිනුයි ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබුවේ.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබෙනවා.

ලංකා බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සෙනාරෝ මෝටර් කම්පැනි පුද්ගලික සමාගම රුපියල් බිලියන 1.5ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුලින් මුලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම SENARO GN 125 මෝටර් සයිකලය නිෂ්පාදනය කරනවා.

එම අගය එකතුකිරීම ඉතා ඉක්මණින් 50% දක්වා ඉහළ නංවා ගැනීම සමාගමේ අපේක්ෂාව වන අතර මෙම ව්‍යාපෘතිය හරහා සෘජු රැකියා 160 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීම ද සිදු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?