සූරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල්තැබේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැදවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ දී සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

එහිදී නීතිඥවරයා කියා සිටියේ සිය සේවාදායකයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ විසින් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කර ඇති බවයි.

එම වාර්තාව කැඳවිමෙන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කරුණු දක්නු ලැබුවා.

ඉන් අනතුරුව මෙම පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම ලබන ජුලි 10 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32