සූර්යකුමාර්ට IPL පළමු තරග කිහිපය අහිමිවෙයි

ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු සූර්යකුමාර් යාදව්ට එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ පළමු තරග කිහිපය අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

වළලුකරේ සැත්කමකට භාජනය වී සිටින සූර්යකුමාර් මේ වනවිට සුවය ලබමින් පසුවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහු බෙංගාලෝර් හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ පුනරුත්ථාපනය වී සුවය ලබමින් සිටින බව සඳහන්.

ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ සූර්යකුමාර්ට එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ පළමු තරග කිහිපය අහිමිව යාම මුම්බායි ඉන්දියන් පිළට විශාල පාඩුවක් බවයි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මාර්තු 24 ඉරිදා, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

සූර්යකුමාර් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 60 කදී ලකුණු 2141ක් රැස්කරගෙන ඇත්තේ 171ට වැඩි ප්‍රහාරාත්මක වේගයක් ද සමඟින්.

විස්සයි විස්ස ශතක 04ක් වාර්තා කර ඇති සූර්යකුමාර් මේ වනවිට අයි.සී.සී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පිතිකරුවා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාමාංශික ප්‍රතිපත්ති විශ්වාස කරන සෙට් එකට ප්‍රසාද්ගෙන් පාඩමක්..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුව
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45
Video thumbnail
අපේ ඉන්ධන නැව් එන්නේ මැද පෙරදිගින් නෙවෙයි..කළබලයක් ඇති කරගන්න එපා
02:23
Video thumbnail
බොරුවටනේ අපේ මිනිස්සු කලබල වුණේ..මෙන්න ෂෙඩ්වලට දාන්න තෙල් පටවන ගමන්
03:28
Video thumbnail
CPC සභාපති කළ විශේෂ ප්‍රකාශය මෙන්න..කූඨ ව්‍යාපාර සිදුකරන අයට රතු එළියක්
04:40
Video thumbnail
"පෙට්‍රල් නෑ - ඩීසල් තියෙනවා ඕන තරම් ග#න්නම්"මහරගම ෂෙඩ්වල පෝළිම් නෑ - තෙලුත් නෑ
00:44
Video thumbnail
ඉන්ධන නොමැතිව බෙලිඅත්ත නගරයේ ඉන්ධන පිරවුම්හල වැසෙයි
00:38