spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සූර්යකුමාර්ට IPL පළමු තරග කිහිපය අහිමිවෙයි

ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු සූර්යකුමාර් යාදව්ට එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ පළමු තරග කිහිපය අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

වළලුකරේ සැත්කමකට භාජනය වී සිටින සූර්යකුමාර් මේ වනවිට සුවය ලබමින් පසුවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔහු බෙංගාලෝර් හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ පුනරුත්ථාපනය වී සුවය ලබමින් සිටින බව සඳහන්.

ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ සූර්යකුමාර්ට එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ පළමු තරග කිහිපය අහිමිව යාම මුම්බායි ඉන්දියන් පිළට විශාල පාඩුවක් බවයි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මාර්තු 24 ඉරිදා, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

සූර්යකුමාර් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 60 කදී ලකුණු 2141ක් රැස්කරගෙන ඇත්තේ 171ට වැඩි ප්‍රහාරාත්මක වේගයක් ද සමඟින්.

විස්සයි විස්ස ශතක 04ක් වාර්තා කර ඇති සූර්යකුමාර් මේ වනවිට අයි.සී.සී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පිතිකරුවා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?