සුළි කුණාටුව සිදුකළ ව්‍යසනය, ක්‍රමිකව ගොඩනඟමින් තිබූ ආර්ථිකයට එල්ල කළ ප්‍රබල පහරක් – ජනපති අනුර (වීඩියෝ)

දිට්වා සුළි කුණාටුව සිදුකළ ව්‍යසනය, ස්ථාවරව හා ක්‍රමිකව ගොඩනඟමින් තිබූ ආර්ථිකයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වෙනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන්, 65 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් පුහුණුවෙන් පසු විසිර යාම වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊයේ (13) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේ දී පුරවැසියන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් ජීවිත පරදුවට තබා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ සහ සිදුකරන මෙහෙය ජනධිපතිවරයා මෙහිදී අගයකර සිටියා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාලය බිඳ දමන මෙහෙයුම්වල දී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතා වටිනා කාර්ය භාරයක් ඉටුකරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කරන වැඩපිළිවෙලේ දී නාවික හමුදාවට විශාල කාර්ය භාරයක් පවතින බවයි සිහිපත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?