මේ වනවිට හටගෙන තිබෙන ගැඹුරු අවපීඩන තත්ත්වය බෙංගාල බොක්ක ප්‍රදේශයේ අවට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ; බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපීඩන තත්ත්වය ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් 100kmක පමණ දුරින් ස්ථානගත වී ඇති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 75 – 100ත් අතර අගයක වර්ෂාපතනයක් ලැබිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
සුළඟේ වේගය ද විටින් විට වර්ධනය වෙමින් එය පැයට කිලෝමීටර් 50-60ත් දක්වා අගයකින් වර්ධනය විය හැකි වනවා.
උතුරු මුහුදු තීරයේ සහ පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු තීරවල ධීවර කටයුතුවල නැවත දැනුම්දෙන තුරු නො යෙදෙන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර සුළි කුණාටුව සම්බන්ධයෙන් පැමිණ සිටි මාධ්‍යවේදියෙකු අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතාගෙන් විමසා සිටියේ සුළි කුණාටුවට නමක් යෝජනා කර ඇති ද යන්නයි.
සුළි කුණාටුව ඇති වන තත්ත්වයක් පැවතිය ද, බොහෝ පිරිස් ඒ සඳහා නාම ලබා දී තිබුණ ද, මෙතෙක් සිය දෙපාර්තමේන්තුවෙන් නාමයක් ලබා දී නැති බව කාර්යයෙන් නියුතු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම මෙම වර්ෂාපතනය නොවැම්බර් මස 30 වැනිදා පමණ වන විට අඩුවන බවත්; නමුත් එය සම්පූර්ණයෙන් ම අවසන් නොවන බවත් පැවසුවා.
නොවැම්බර් 30 වැනිදායින් පසුව සවස් වරුවේ වර්ෂාව ඇදහැලීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.