බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට (26) පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දී සුපිරි ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකි වුණා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙරට අතර තරගයේ පළමු ඉනිම වෙනුවෙනුයි පැතුම් මෙම දක්ෂතාව දැක්වූයේ.
ඒ පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් රැස් කරගනිමින්.
පැතුම් අද දිනයේ දී ලබාගත්තේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ සිව්වැනි ශතකයයි.
එමෙන්ම පැතුම් අද දිනයේ දී ලබාගත්තේ සිය මව්බිමේ දී අඛණ්ඩ ව ලබාගත් දෙවැනි ටෙස්ට් ශතකය ද වනවා.
මේ වනවිට පැතුම් සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් වටිනා අර්ධ ශතකයක් ද සමගින් නොදැවී ලකුණු 58ක් ලබා සිටිනවා.
බංග්ලාදේශය පළමු ඉනිමට සියල්ලන් ම ලකුණු 247කට දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට එක් කඩුල්ලක් බිඳ වැටී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 201ක්.
ඒ බංග්ලාදේශයේ පළමු ඉනිමට වඩා ලකුණු 41ක් පසුපසින් සිටිමින්.
ළහිරු උදාර ලකුණු 40ක දී දැවී ගියා.





