සුරේෂ් සලේ මානසික වෛද්‍යවරුන් ඉදිරියේ රංගනයක නිරතවී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මානසික වෛද්‍යවරුන් ඉදිරියේ රංගනය නිරතවී ඇති බවත් ඔහුට අදාළව ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවය අධිකරණයේදී ප්‍රකාශ කරනු ලැබුවා.

අද (04) දින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පිරිස් සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අරසකුලරත්න එම මනෝ වෛද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළා.

මෙම නඩුව කැඳවන අවස්ථාවේදී නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ සැකකාර සුරේෂ් සලේට කාංසාව, විශාදය සහ පශ්චාත් කම්පන ආතති තත්ත්වයක් (PTSD) ඇති බවට කරුණු වාර්තා කර තිබෙනවා.

ජූනි 3 දින අධිකරණයට මෝසමක් මගින් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ ඔහුගේ කනිෂ්ට නීතිඥ අසිත් සිරිවර්ධන ඇතුළු පිරිසක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නඩුව අද දින (4) කැඳවන ලැබුවා.

  1. I totally disagree….This person is a hero who was a former active person in rescue country in wars.Please stop this inhumane abusive low class torturing barbarian job.Stop it now Fod Gods sake stop stop stop…anyone support becursed by Universe or God…Stop stop stop….!!!