නිවසේ සුරතලයට ඇති කළ ඩච්ෂුන්ඩ් වර්ගයේ සුනඛයෙකු සපා කෑමෙන් අලුත උපන් බිළිඳෙකුට මියගිය පුවතක් රුසියාවෙන් අවර්ත වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 10 වනදා මෙම සුනඛයායා විසින් උපත ලැබූ ගැහැණු ළමයෙකු ඇගේ තොටිල්ලේ නිදා සිටිය දී සපා කා මරණයට පත්කර ඇති බවයි.
වසර 08ක පමණ කාලයක සිට මෙම සුනඛයා රුසියානු නගරයක් වන සෙවර්ස්ක් හි පදිංචි පවුලක් සමඟ හැදී වැඩි ඇති අතර , මෙම සත්වයා ඇතැම් අවස්ථාවල දී හිමිකරුවන්ට ද ආක්‍රමණශීලී ලෙස හැසිරී ඇති බවයි අනාවරණය වන්නේ.
පසුගිය පෙබරවාරි මාසයේ දී පවුලට බිළිඳිය පැමිණි පසු මෙම සොසේජස් සුනඛයාගේ ආක්‍රමණශීලී බව වැඩි ඇති බවයි පවුලේ සාමාජිකන් පැවසුවේ.
සුනඛයාගේ මෙම තත්ත්වය තේරුම් ගත් හිමිකරුවන් ඔවුන් සත්වයාව සායන කිහිපයකට ගෙන ගොස් ඇති නමුත් සත්වයා ශාරීරිකව සම්පූර්ණයෙන්ම නිරෝගීව සිටිම නිසා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග්‍රහයේ 109 වන වගන්තියේ 1 වන කොටස යටතේ අපරාධයක සලකුණු යටතේ බාලවයස්කාර දරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් අපරාධ නඩුවක් විවෘත කර ඇති බවයි වාර්තා වුණේ.