එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙරටින් නව නිත්‍ය නියෝජිතයෙක්

නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.

එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ පත්වීමකටද එම කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බව සඳහන්.

ඒ එම කාරක සභාව පසුගියදා (09) අචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස දර්ශන මහේන්ද්‍ර පෙරේරා පත්කිරීම සහ ස්විට්සර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපති සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරයා ලෙස දසනායක මුදියන්සේලාගේ සුමිත් ප්‍රියන්ත දසනායක පත් කිරීම සඳහා වන නාම යෝජනාවලට උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිය අනුමතිය ලබාදී තිබෙනවා.

එමෙන්ම, ඔස්ට්‍රියා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස දයානි මෙන්ඩිස් සහ රුමේනියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සමන්ත ප්‍රියදර්ශන වීරසිංහ පතිරණ පත්කිරීම සඳහා වන නාම යෝජනාවලට ද එහිදී කාරක සභාවේ අනුමතිය ලැබී ඇති බව ද සඳහන්.

ඊට අමතරව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල පත් කිරීමටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
22
+1
1
+1
4
+1
3
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07