පුද්ගලයින් 647,683 දෙනෙකු සඳහා වකුගඩු රෝග, ආබාධිත පුද්ගලයින් සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා ගෙවීමට ප්රතිපාදන වෙන් කර ඇති බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
මෙය නව යෝජනා ක්රමයක් සකස් කරන තුරු ක්රියාත්මක කරන බවයි ඒ මහතා පවසන්නේ
වයෝවෘද්ධ පුද්ගලයින් 517,962ක්, ආබාධිත පුද්ගලයින් 88,602ක් සහ වකුගඩු රෝගීන් 41,119ක් සඳහා මෙම දීමනා ලබාදෙන බවයි අමාත්යවරයා සඳහන් කර සිටියේ.
අමාත්ය තුමන් Twitter පණිවිඩයක් මගින් මේ බව සදහන් කර තිබේ


මේ කොළඹ පැවති මාධ්ය හමුවකදී ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන් කර තිබූ මුදල වැඩි කිරිමට පියවර ගෙන ඇති බව රාජ්ය අමාත්ය අනූප පැස්කුවල් මහතා පැවසීය
