සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි?

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා ඉල්ලා අස්වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන ජයන්ත විජේරත්න මහතා පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ නිර්දේශය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.