සුපිරි හොලිවුඩ් නළුවාට ලිංගික අතවර නඩුවක්

මීට වසර 13කට පෙර චිත්‍රපට රූගත කිරීමක් අතරතුර ලිංගික අතවර කළ බවට සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට එරෙහිව ඔහුගේ හිටපු පුද්ගලික සහකාරිය අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයේ නඩුවක් පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්‘ ක්‍රියාදාම චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ වින් ඩීසල් එම අතවරය සිදු කර ඇත්තේ 2010 වසරේදී එහි එක් චිත්‍රපටයක රූගත කිරීම් අතරතුරදී බව කියමින් එම නඩුව ගොනු කර ඇතැයි වාර්තා වේ.

මේ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

56 හැවිරිදි වින් ඩීසල්ගේ සැබෑ නම මාක් සින්ක්ලෙයාර්ස්ය.

හොලිවුඩ් සිනමාවට පිවිසීමෙන් පසු ඔහු වින් ඩීසල් ලෙස නම වෙනස් කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?