සුපිරි මෝටර් රථයක් ලබා දෙන බව පවසා ඩොක්ට ශාෆිගේ මුදල් වංචා කරලා

එක්කෝටි පනස් නව ලක්ෂයක සුපිරි මෝටර් රථයක් ලබා දෙන බව පවසා වෛද්‍ය ශාෆි රවටා මුදල් ලබාගත් බව කියන සැකකරු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද(20) අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධියට අදාල සැකකරු වංචා විමර්ශන කාර්යාංශය විසින් අද(20) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ ,එක්සත් රාජ්‍යයේ තානාපති කාර්යාලයක තිබෙන සුපිරි වාහනයක් වෙන්දේසි කර තිබෙන බවත් එම වහනය ලබා ගැනීම සඳහා ලක්ෂ එකසිය පනහකට අධික මුදලක් අවස්ථා කිහිපයකදී සැකකරු විසින් ලබාගෙන ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
5
+1
5
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?