සුපිරි නිළියට කෝටි ගණනින් වියදම් කළ කුප්‍රකට අපරාධකාරයා සියල්ල වමාරයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ජැකලින් ෆර්නැන්ඩස් පසුගියදා මුම්බායි ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරින් විසින් නවතාගෙන තිබෙනවා. ඇය සංදර්ශනයක් සඳහා ඩුබායි යාමටයි ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ.

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය, ඊට අදාලව සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් මීට පෙරද ප්‍රශ්න කළා.

ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කළේ ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකාරියක නිසා බවයි, ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය සඳහන් කළේ.

ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරන අතර එය තවමත් අවසන් නැහැ.

ඒ අතරතුරදී ජැකලින්, සුකේෂ්ගෙන් රුපියල් කෝටි 10ක තෑගි ලබාගෙන ඇති බවට නිලධාරින් හෙළි කරගෙන තිබෙනවා.

ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු සහ ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකුද මෙම ත්‍යාග අතරට ඇතුළත් බවයි චෝදනා පත්‍රයේ ජැකලින්ට චෝදනා ගොනු කර ඇත්තේ.

මීට අදාළව ජැකලින්ගේ සමීපතමයින්ගෙනුත් මේ ගැන ප්‍රශ්න කළ බව ඉන්දීය මාධ්‍ය අද අනාවරණය කළා.

මීට පෙර ප්‍රශ්නකිරීම් වලදී චන්ද්‍රසේකර් සඳහන් කළේ, ජැකලින්ට තමන් මෝටර් රථයක් තෑගි දුන් බවයි.

කෙසේ වෙතත්, ඇයට එල්ල වන චෝදනා බොරු බවට ඇතැම් පාර්ශව සඳහන් කරනවා.

ඇය මෙහි ගොදුරක් බවට පත්ව ඇති බවත්, මෙම පරීක්ෂණයේදී ඇය ඊට සහාය දක්වා ඇති බවත් ජැකලින්ට හිතවත් පාර්ශව සඳහන් කරනවා.

මෙම හේතුව නිසාම ජැකලින්ගේ “ඩුබායි සංචාරයට” බාධා එල්ල වුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07