සුපිරි තම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින බෙන් ස්ටොක් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා. හෙට ඩර්හැම් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගය බෙන් ස්ටොක් ගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය වනු ඇති.
එංගලන්ත ජාතික කණ්ඩායමට 2011 දී ඇතුලු වූ ඔහු 2019 වසරේ අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී නොමැකෙන දස්කම් දැක්වුවා.
එක්දින තරග 104 කට ක්‍රීඩා කර ඇති බෙන් ස්ටොක් ලකුණු සංඛ්‍යාව 2919 ක් රැස් කරගෙන තිබෙන අතර කඩුලු 74 ක් ලබා පන්දු යැවිමෙන් දස්කම් දක්වා තිබෙනවා.ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තමන් ඉදිරියේදි වැඩි නැඹුරුවක් දක්වනු ඇති බව ඔහු මාධ්‍යට පැවසුවා.




