සුන්දර පරිසරය වනසන හැටන් නගරයේ වෙළෙන්දෝ

හැටන් නගරයේ මාංශ අලෙවිසැල්වල ඉවතලන අපද්‍රව්‍ය කාසල් රී ජලාශ රක්ෂිතයට මුදා හැ‍රීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදු ව තිබෙනවා.

මේ හේතුවෙන් අවට මාර්ගවලට මෙන් ම ජනතාවට ද සිදු ව ඇත්තෙ විශාල පාරිසරික අහිතකර වටපිටාවක් සමග ජීවත් වීමටයි.

හැටන් ප්‍රදේශයේ කුකුල් ගොවිපළවල්වල සහ කුකුල්මස් අලෙවිසැල්වල දිනපතා ඉවතලන අපද්‍රව්‍ය ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් රැගෙන ගොස් හැටන් – නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි රක්ෂිතයට ඉතා සූක්ෂ්ම ලෙස මුදා හැරීම හේතුවෙන් ඒ අවට දැඩි දුර්ගන්ධයක්, කසළ පිරුණු බවකින් යුක්ත බවයි ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ.

එම මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයට දිනපතා රාත්‍රී කාලයේ ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් අපද්‍රව්‍ය රැගෙන විත් බැහැර කරන බවට පොලිසියට පැමිණිලි රැසක් ද ලැබී තිබෙනවා.

පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉවතලන කුකුල් මස් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙසේ එම පරිසරට මුදා හැරීම නිසා එම ස්ථානයේ මැස්සන්, මදුරුවන් සහ පණුවන් විශාල වශයෙන් බෝ වී ඇති බවත්, දැකිය හැකි වනවා.

හැටන් දික්ඔය නගර සභාවේ හිටපු පාලකයින් නගරයේ දිනපතා එකතු වන කැලි කසළ සහ මෙවැනි මස් අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම හමුවේ හැටන් නගරයේ වෙළෙඳුන් විසින් එම අපද්‍රව්‍ය රැගෙන් විත් පරිසරයට මුදාහැරෙන බවටයි ප්‍රදේශවාසින් චෝදනා කර සිටින්නේ.

එබැවින් කඩිනමින් මෙම පාරිසරික දූෂණය වළක්වාලීමටත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?