තෙලිකඩ ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
සුනඛයෙකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (01) මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තෙලිකඩ, ගිණිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස පිහිටි ඉඩමට අසල්වැසි නිවසේ සුනඛයා පැමිණීම හේතුවෙන් ආරවුලක් ඇතිව තිබෙනවා.
එම ආරවුල දුරදිග යාමෙන් සුනඛයාගේ අයිතිකරු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
පහර කෑමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෙම සිද්ධිය සම්බන්ධ සැකකරු ඇතුළු තවත් අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (02) කරාපිටය රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.




