සුනඛ ගැටලුව දුරදිග ගිහින් පුද්ගල ඝාතනයක්

තෙලිකඩ ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

සුනඛයෙකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (01) මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තෙලිකඩ, ගිණිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස පිහිටි ඉඩමට අසල්වැසි නිවසේ සුනඛයා පැමිණීම හේතුවෙන් ආරවුලක් ඇතිව තිබෙනවා.

එම ආරවුල දුරදිග යාමෙන් සුනඛයාගේ අයිතිකරු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පහර කෑමට ලක් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධ සැකකරු ඇතුළු තවත් අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (02) කරාපිටය රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23