සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග

සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පළමුවන සාක්ෂිකරු වශයෙන් නම් කර සිටින සරත් කුමාර නමැත්තා අධිකරණයේ පෙනී නොසිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බැවින් අධිකරණය හමුවට පැමිණිය නොහැකි වූ බවයි.

මෙහිදී විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමු කරමින් සාක්ෂිකරු අධිකරණය හමුවට පැමිණි සඳහා අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ ආරක්ෂාවක් දැයි විමසුවා.

ඊට අදාළව නීතිඥවරයා විසින් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

ඉදිරිපත් වන කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව අදාළ සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තුවක් නිකුත් කළා.

මෙහි දී රජයේ නීතිඥවරයා ඇමතු විනිසුරුවරයා කියාසිටියේ මෙම නඩුව දිගින් දිගටම කැඳවීමෙන් පලක් නොවන බව පෙනී යන බවයි.

එම නිසා පළමුවන සාක්ෂිකරු නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට ඇති හැකියාව සොයා බලන ලෙසත් මෙහිදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නා.

වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා නඩු විභාගය සැප්තැම්බර් මස 01 වනදා දක්වා කල් තැබීමට ද නියම කළා.

පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?