සුඩාන සටන් විරාමය තවත් දීර්ඝ කෙරේ

සුඩානය සටන් විරාමය තවත් දින පහකින් දීර්ඝ කර තිබෙනවා.

එක්සත් ජනපදය හා සෞදි අරාබිය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සටන් විරාමය හේතුවෙන් සුඩානයේ මිලියන දෙකක ජනතාවකට ආධාර ලබාදීමට ඉවහල් වනු ඇති බවත්,සටන් ඇවිලීමෙන් පසු පළමු වතාවට කර්ටවුම් අගනුවර සිරවී සිටින පදිංචිකරුවන්ට සැපයුම් යැවීමට හැකිවනු ඇති බවත් ලෝක ආහාර වැඩසටහන පවසා තිබෙනවා.

සටන් විරාමය පැවතියත් සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී හමුදාව ඩර්ෆර් ප්‍රදේශයේ නැවතත් සටන් විරාම උල්ලංඝනය කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?