ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් පුද්ගයින්ව කැඳවා සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්වැටකෙයියාව, තල්දියවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
මෙම වැටලීම සිදුකර අවස්ථාවේ දී මෙම ජාවාරමේ ප්‍රධානියා බව කියන සැකකාරියගේ සැමියා පළා ගොස් ඇති බවයි වුණේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වැටලීම කරන අවස්ථාවේ දී සැකකාරියගේ නිවසට 100 කට වැඩි පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට පැමිණ සිට ඇති බව සඳහන්.
ඊශ්‍රායලයේ ගොවිපොළවල රැකියා අවස්ථා ලබාදෙන බව පවසා ඔවුන්ව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳව ඇති බවයි අනවරණය වී ඇත්තේ.
මෙම රැකියා අවස්ථා ලබාදීමට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය කර ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.
මේ අතර සැකකාරියගේ නිවසේ තිබී ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාගැනීම සඳහා සකස් කර තිබූ අයදුම් පත්‍ර 214ක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගල ඇප 02ක් මත මුදාහැර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානනයෙන් පළා ගිය ප්‍රධාන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව දෙසැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි නියෝග කර ඇත්තේ.
ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සහ එරට අතර අවබෝධතා ගිවිසුමක් ඇති බැවින් බාහිර පාර්ශ්වයන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ද විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජනතාවට දැනුම් දෙනවා.




