AFC Banner
AFC Banner
Empty Ad

සීමාපව්වෙන් හමු වූ ගංජා වගාව ගිනි තියයි

සීමාපව්ව ආරණ්‍ය අධිරක්ෂිත ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ව වගා කළ ගංජා වගාවක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් නවීන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සොයා ගනු ලැබුවා.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි තණමල්විල පොලිස් වසමේ සීමාපව්ව ආරණ්‍ය රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කරනු ලැබුවේ.

එහිදී නීතිවිරෝධී ව වගාකර තිබූ අඩි 03යි අඟල් 08 ක් පමණ උසකින් යුත් ගංජා ගස් 2,126ක් සහිත ගංජා වගාවක් සොයාගැනුණා.

එම ගංජා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 20ක් සමග තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර සෙසු පැළ සියල්ල ගිනි තබා විනාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?