AFC Banner
Empty Ad
Empty Ad

සීනි මිල ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් විය යුතු බවයි. පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 295ක්.

පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 330ක් වන අතර පැකට් කළ දුඹුරු සීනි කිලෝවක් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 350ක්.

මෙම උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළඳාම් කිරීම වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම ප්‍රදර්ශනය කිරීම හෝ සැපයීම නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

2356 39 S scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?