සීනි බදු වංචාවෙන් සිදුවූ පාඩුව අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කරයි

පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප්‍රසාදය පළ කර සිටියා.

පසුගියදා (08) පාර්ලිමේන්තුවේ දී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කරුණු පිළිබඳව අවදානය යොමු වුණා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

ඒ, අනුව මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ එහි ප්‍රගතිය පිළිබඳව තමන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යාවත්කාලීන කරමින් සිටින බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බැවින් අදාළ තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇති බව ද සඳහන් කළා.

අනතුරුව කාරක සභාව විමසා සිටියේ අදාළ පාර්ශ්ව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නේ නම් පියවරක් ගත හැකිද යන්නයි.

ඒ, අනුව හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් කමිටුව දැනුවත් කරන ලෙස කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.

තිරිඟු පිටි සම්බන්ධයෙන් ආනයන අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ මීට පෙර පළ වූ රෙගුලාසිවලට අදාළව ඉදිරිපත් කර ඇති ගැටළු සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍යාංශය විසිනන් කමිටුව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ද කමිටුව අවධානය යොමු කළා.

තවද, 2023.07.21 දිනැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් කරන ලද 2023.07.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරුණා.

එදින මෙම කමිටුවේ තාවකාලික සභාපති ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේ තිරිඟු පිටි ආනයනය සඳහා බලපත්‍රය නිකුත් කිරීම තිරිඟු පිටි ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කොට ඇති සමාගම්වලට පමණක් සීමා කිරීම
හේතුවෙන් වර්තමානයේදී තිරිඟු පිටි සම්බන්ධ ද්වීඅධිකාරයක් නිර්මාණය වී ඇති බවයි.

ඒ, සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග සහ ප්‍රගතිය පිළිබඳව ද කමිටුව මෙහිදී විමසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13