සීනි අර්බුදයට විසඳුමක්

සීනි අර්බුදයට පිළියමක් ලෙස රස කැවිලි,බිස්කට් ආදී කර්මාන්ත සදහා උක් පැණි යොදා ගැනීම සඳහා උක් පැණි නිෂ්පාදනය කරන ගම්මාන කීපයක් මේ වසරේදී පිහිටුවීමට කටයුතු කරන බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර කීවේය.

උක් පැණි නිෂ්පාදනය කරන ගම්මාන සම්බන්ධ කරමින් සකසුරුවම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන බවත්,උක් පැණි නිෂ්පාදනය සඳහා එම ගම්මාන වලට අවශ්‍ය උපකරණ,යන්ත්‍ර ලබා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අතීතයේදී උක් පැණි නිෂ්පාදනය කරන ලද ක්‍රමවේදයන් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.

ලංකාවේ උක් වගා කළ හැකි ඉඩම් පිහිටා ඇත්තේ කුමන ප්‍රදේශවලද යන්න සොයා බලන ලෙස උක් පර්යේෂණායතනයේ සභාපතිවරයාට තමා දැනුම්දුන් බවද ඔහු කීවේය.

ගාල්ල, මාතර, පුත්තලම, කිලිනොච්චිය, බදුල්ල ආදී දිස්ත්‍රික්කවල උක් වගාව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06