සීදූවේ බෝඩිං කාමරයක දෙදරු මව මැරූ සැකකරු රෝහලේ දී අල්ලයි

සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේ දී කුලී කාමරයක් තුළ දී 26 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු බලංගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී පොලිසිය විසින් ඊයේ (17) දහවල් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු පැරසිටමෝල් ඖෂධය අධිමාත්‍රාවකින් ලබාගෙන මෙලෙස රෝහල් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 22 හැවිරිදි වියේ පසුවන බලංගොඩ, මඩංවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු බලංගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේ පිහිටි කුලී කාමරයක් තුල දී පසුගිය පසුගිය 14 වනදා වීදුරු කටුවකින් ගෙළ කපා 26 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර තිබුණා.

මම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු සහ ඝාතනයට ලක් වූ කාන්තාව අතර කලක සිට අනියම් ඇසුරක් පැවත ඇති බවයි.

සැකකරු සහ මෙම කාන්තාව අතර අනියම් ඇසුර පැවති කාලය තුළ කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය හෙළිව තිබෙනවා.

ඝාතනය සිදුකිරීමෙන් පසු පළාගිය සැකකරු සිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී සිදු වූ සිදුවීම පවසා ඇති අතර එම දුරකථන සංවාදයේ හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09