AFC Banner
AFC Banner
Empty Ad

සීදූවේ බෝඩිං කාමරයක දෙදරු මව මැරූ සැකකරු රෝහලේ දී අල්ලයි

සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේ දී කුලී කාමරයක් තුළ දී 26 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු බලංගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී පොලිසිය විසින් ඊයේ (17) දහවල් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු පැරසිටමෝල් ඖෂධය අධිමාත්‍රාවකින් ලබාගෙන මෙලෙස රෝහල් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 22 හැවිරිදි වියේ පසුවන බලංගොඩ, මඩංවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු බලංගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේ පිහිටි කුලී කාමරයක් තුල දී පසුගිය පසුගිය 14 වනදා වීදුරු කටුවකින් ගෙළ කපා 26 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර තිබුණා.

මම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු සහ ඝාතනයට ලක් වූ කාන්තාව අතර කලක සිට අනියම් ඇසුරක් පැවත ඇති බවයි.

සැකකරු සහ මෙම කාන්තාව අතර අනියම් ඇසුර පැවති කාලය තුළ කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය හෙළිව තිබෙනවා.

ඝාතනය සිදුකිරීමෙන් පසු පළාගිය සැකකරු සිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී සිදු වූ සිදුවීම පවසා ඇති අතර එම දුරකථන සංවාදයේ හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?