AFC Banner
Empty Ad
Empty Ad

සීදුවේ වෙඩි තැබීමක්

සීදුව, බේස්ලයින් පාරේ දී වාහනයක් පරීක්ෂා කිරීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ගිනිඅවි භාවිතයෙන් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබේ.

ඊයේ (17) රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයින් ගමන් ගත් වාහනයක් හඹාගෙන ගොස් එම පරීක්ෂාව සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම වෙඩි තැබීමෙන් වාහනය තුළ සිටි පුද්ගලයෙක් තුවාල ලබා මීගමුව රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි සීදුවේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා 1991 සිට සීදුව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදි පොලිස් වසම්වල සිදුවු අපරාධ රැසකට හා මනුෂ්‍ය ඝාතන 6කට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වෙඩි තැබීම සිදුවන විට එම මෝටර් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇති බවත් එම ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?