AFC Banner
Empty Ad
Empty Ad

සීගිරියේ ඉර උදා‍ව නැරඹීමෙන් දිනකට ඩොලර් තුන්දහසකට අධික අදායමක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල්, අයතා කටයුතුවලට භාවිතා කිරීමට නොහැකි වන ලෙසට සහ එම මුදල් නිශ්චිතව භාවිතා කළ යුතු ආකාරය ගැනත් රෙගුලාසි පනවමින් මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝදනය කිරීමට ආගමික කටයුතු සහ සහජීවන‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ හිමි වී තිබෙනවා. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

වසර දෙකකට පෙර ණය බරින් පෙළුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් උත්පාදනය අද වන විට 614%කින් වර්ධනය කරගත හැකි වී තිබෙන බවයි එම අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා කාරක සභාව හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ.

වර්තමානය වන විට සීගිරියේ ඉර උදා‍වේ සුන්දරත්වය විදේශිකයින්ට නැරඹීමට අවස්ථාව සලසාදීමෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් තුන්දහසකට අධික අදායමක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළා. තවදුරටත් සීගිරිය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ලබාගත හැකි අංශ හඳුනාගනිමින් පවතින බවත් එම කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට KOICA ආයතනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක ආධාරයක් ලබාදීමට මුලික එකඟතාව හිමිවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

සංචාරක කලාපවල අවිධිමත් ලෙස සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන සමහර ත්‍රී රෝද රථ රියදුරන් අධික මිල ගණන් අයකරන බව මෙහිදී අනාරණය වුණා. ඒ අනුව එම ප්‍රදේශවල පවතින ත්‍රී රෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කළයුතු බවයි නිලධාරීන් කරක සභාවට අවධාරණය කළේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනීමත් දැනට රාජකාරි කටයුතු කරන 286ක් වූ ස්ථිර නොමැති සේවකයින් ස්ථිර කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස නිලධාරීන් කාරක සභාවෙන් ඉල්ලීමක් කළා. අනුව ඒ සඳහා කාරක සභාව ඔවුන්ගේ පවතින රාමුව තුළ මැදිහත්වීමටයි එකඟ වී ඇත්තේ.

මේ අතර මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද කාරක සභාව හමුවේ මෙදින පෙනී සිටියා. එහිදී එම දෙපාර්තමේන්තුවේ ආදායම් උත්පාදනය වර්ධනය කරගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසීමක් කළා. ඒ අනුව මේ වනවිට තමන් සතුව පවතින ඉඩම් හා දේපොළ ඵලදායී ලෙස භාවිතා කර ආදායම් උත්පාදනය සඳහා කටයුතු කරමින් පවතින බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ. එමෙන්ම මහා භාරකාර දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවද නිලධාරීන් කාරක සභාවට දැනුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේෂා මට කරපු එක වෙන කෙනෙක්ට කරන්න පුලුවන් #damitha_abeyrathna
Video thumbnail
නැවත ඉරානයෙන්,ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර දක්වයි ද?
06:33
Video thumbnail
කාන්ති කොඩිකාරට විපතක්නේ වෙලා තියෙන්නේ - දැන් ඉන්නේ රෝහලේ
05:26
Video thumbnail
ලක් අම්මා හදීසියේ සමන්දේවාලයට පැමිණෙයි - හේෂා ඔයාට හෘද ශාක්සියක් තියෙනවා ද ?
06:08
Video thumbnail
කට්ටිය අපිව කොටවනවා - හරිනි කට අරියි
15:59
Video thumbnail
පොල් ගන්න ගියාම මිනිස්සුන්ට එළොව පොල් පේනවා
04:58
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34

?