සිහිසුන්ව ඇද වැටුණු ගෝවින්දා රෝහල් ගතකෙරේ

ජනප්‍රිය බෝලිවුඩ් නළු ගෝවින්දා නිවසේදී සිහිසුන්ව ඇද වැටීමෙන් පසු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඔහු ඊයේ (11) රාත්‍රියේ මෙලෙස රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

61 හැවිරිදි මෙම නළුවා ඊයේ රාත්‍රියේ නිවසේදී සිහිසුන්ව ඇද වැටුණු බව ඔහුගේ මිතුරෙකු සහ නීති උපදේශකයෙකු වන ලලිත් බින්ඩාල් ඉන්දීය වෙත පවසා තිබෙනවා.

රෝහල් ගතකළ ගෝවින්දා පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇති බවයි වැඩිදුරටත් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳව තවමත් නිල වශයෙන් තොරතුරක් ප්‍රසිද්ධියට පත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
14
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?