සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදුකරයි(ඡායාරූප)

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ ගැටීමෙන් එම නිලධාරියා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව සිටින්නේ කොල්ලුපිටිය පොලිසියයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයක්.

ඔහු කොල්ලුපිටිය මුහුදු මාවතේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරි යෙදී සිටියදී කොල්ලුපිටිය දුම්රිය පොළ දෙස සිට සිසුවා පැදවූ වෑන් රථය පැමිණ තිබෙනවා.

අපරික්ෂාකාරී ලෙස පැමිණි එම වෑන් රථය පොලිස් නිලධාරියාගේ ගැටී ධාවනය වී ඇති බවයි කොල්ලුපිටිය පොලිසිය පවසන්නේ.

අනතුර සිදු කළ 18 හැවිරිදි සිසුවා පොලීස් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහිවල පදිංචි ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.