සිසුන්ට සහ ගුරුවරුන්ට ගෙන් වූ ටැබ් පරිගණක ගැන අලුත්ම අනාවරණයක්

2019 වසරේදී රුපියල් බිලියන 3.4ක් වැය කර උසස්පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදී ගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක ඵලදායී ආකාරයෙන් යොදවා නොමැති බවට කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනාවරණය වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී අනාවර්ණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථාන ගතව පවතින බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා. තවද මෙම ටැබ් පරිගණක සාධාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බවයි මෙහිදී හෙළි වූයේ.

මේ අනුව සැප්තැම්බර් 26 වැනිදාට පෙර මේ පිළිබඳ පූර්ණ විස්තර සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කර තිබෙනවා.

අධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය (NEMIS) වෙනුවෙන් 2013 හා 2014 වර්ෂ වලදී රුපියල් මිලියන 64 වියදම් කළද ප්‍රමාණවත් දත්ත එහි අන්තර්ගත නොමැති බව ද මෙහිදී අනාවරණය වුණා.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙහි ගුරුවරුන් පිළිබඳ දත්ත අන්තර්ගත වන බවත් ළමුන් පිළිබඳ දත්ත අන්තර්ගත වන්නේ වෙනත් පද්ධතියක බවයි. එසේම මෙම පද්ධතිය යාවත්කාලීන වීමේ දුර්වලතාවක් පවතින බව ද ප්‍රකාශ කෙරුණා.

මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ මෙහි පවතින දත්ත ප්‍රමාණවත් නොමැති බවයි. මේ නිසා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සොයා බැලීමට ජූලි 07 වැනි දින මේ සම්බන්ධ සියලු පාර්ශ්වයන් කෝපා කමිටුවට කැදවන බව ද සඳහන් කෙරුණා.

මේ අතර උසස් පෙළ සිසුන්ගේ පාසැල් පැමිණීමේ ප්‍රතිශතය අවම මට්ටමක පැවතීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. මේ අනුව මේ පිළිබඳ 2020 වර්ෂයේදී පර්යේෂණයක් සිදු කර නිර්දේශ 15ක් ලබාදී ඇති බව නිලධාරීන් පෙන්වා දුන් අතර මෙහිදී කමිටුව පැවසුවේ අද වන විට පවතින තත්ත්වය මීට වඩා වෙනස් වන බැවින් මෙම නිර්දේශ තවදුරටත් යාවත්කාලීන විය යුතු බවයි.

හඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට කාර්යාල සහායකයෙකු පත්කොට 2007 වසරේ සිට 2021 දක්වා වසර 13ක් වෙනුවෙන් රුපියල් 60,639,544 ගෙවීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර මෙම ගෙවීම් සිදු කොට ඇත්තේ කැබිනට් අනුමතියකින් බව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව මෙම තනතුර 2021 දෙසැම්බර් 31 දින සිට බලාත්මක වන පරිදි 2022 ජනවාරි 25 දින අහෝසි කර ඇති බවත් මෙහිදී සඳහන් වුණා. කෙසේවෙතත් මෙම නිලධාරිනිය මෙම තනතුරු අහෝසි කිරීමට විරුද්ධව එරට නීතිය යටතේ නඩුවක් ගොනු කර තිබූ බවත් වන්දි ලෙස යූරෝ 30898.56ක් ඉල්ලා ඇති බවත් මෙහිදී සඳහන් කෙරුණා.

මේ අනුව මේ පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුළත කෝපා කමිටුවට ලබාදීමටයි නිර්දේශ කළේ.

එසේම පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18