සිරුරේ පවතින ප්‍රතිශක්තිය බිඳහෙළිය හැකි කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය අංශ සුදානමින්

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර පවත්නා C.1.2 නව කොවිඩ් ප්‍රභේදය, පෙර තිබුණු විකෘති කිහිපයක් එකතු වී නිර්මාණය වූ ප්‍රබල වයිරස් ප්‍රභේදයක් බවට හඳුනාගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මෙතෙක් නමක් ලබාදී නොමැති එම වයිරස් ප්‍රභේදය මේ වනවිට, චීනය නවසීලන්තය, ස්විට්සර්ලන්තය,බ්‍රිතාන්‍ය , පෘතුගාලය, කොංගෝව, මුරිසි දූපත් ඇතුළු තවත් රටවල් කිහිපයක පැතිරෙමින් පවතින බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරනවා.

සිරුරේ පවතින ප්‍රතිශක්තිය බිඳහෙළීමට තරම් හැකියාවක් මෙම වයිරස ප්‍රභේදය තුළ පවතින බවට විද්‍යාඥයන් මත පළ කර ඇති බවද මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කරනවා.

කෙසේ වුවද, එම වයිරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර දැනටමත් ගෙන ඇතැයිද හෙතෙම කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06