සසිරි සුරපුරෙන් වැඩි ශ්‍රී දන්ත ධාතු වන්දනාව අදින් ඇරඹෙයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාව විසින් සංවිධානය කරනු ලබන ‘සිරි දළඳා වන්දනාව’ අද (18) සිට ආරම්භ වනවා.

ඒ අනුව අද පස්වරු 03.30 සිට 05.30 දක්වා දළඳා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව සැලසෙනු ඇති.

මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සහ මහනුවර නගරය කේන්ද්‍ර කරගත් රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි දළදා මාලිගාවේ සංවිධායක මණ්ඩලය නිවේදනය කර සිටියේ.

මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12:30ට පමණ සිදුවන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මීට පූර්වයෙන් වර්ෂ 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේ දී සිරි දළදා වන්දනාව පැවැත්වුණා.

මෙවර දළදා ප්‍රදර්ශනය සිදු කරන්නේ වසර 16කට පසුවයි.

මෙවර සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් සලසා දී තිබෙනවා.

ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම, රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම වශයෙන්.

මේ අතර මෙම දළදා වන්දනාව හේතුවෙන් අප්‍රේල් මස 21 සිට 25 තෙක් මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 41කට විශේෂ නිවාඩු දින ලෙසට ද ප්‍රකාශයට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02