සිරම්බිඅඩියට අන්තර්ජාතික අවධානය දිනාගත හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක්

පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ ජීවත් වන අප්‍රිකානු සම්බ්භයක් සහිත ශ්‍රී ලාංකිකයින්ට (කැෆර්වරුන්ට) අන්තර්ජාතික අවධානය දිනාගත හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

සිරම්බිඅඩි ඇතුළු ප්‍රදේශ කිහිපයකට සීමා වී ඇති අප්‍රිකානු සම්භයක් සහිත ශ්‍රී ලාංකික ජන කොට්ඨාශය සම්බන්ධයෙන් වන අධ්‍යයන කටයුත්තක් සඳහා එම ප්‍රදේශයට ගිය අතර වාරයේදී යි අමාත්‍යවරයා මෙම සහතිකය ලබාදුන්නේ.

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් මෙම ජන කොට්ඨාශයේ සක්‍රීය දායකත්වක් ලබාගැනීමත්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, සිය සංස්කෘතිකාංග අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබාදීමටත් අන්තර්ජාතික අවධානය දිනාගත හැකි මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයේ ඉතිහාසය, රැකියා තත්වයන් හා සංස්කෘතිකාංග සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ජීවත්වන වැඩිහිටියන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තොරතුරු ලබාගත් අතර තරුණ පරපුරේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34