AFC Banner
Empty Ad

සියළු රාජ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති පැවසූ විශේෂ දේ මෙන්න

සියලු රාජ්‍ය සේවා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම හා නිවසේ සිට රාජකාරි සිදුකිරීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පැවසුවේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂම ලබාදිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?