සියළු ගුරුවරුන් වෙත සුබ ආරංචියක්

එළැඹෙන සතියේ සිට මෙරට සියළුම පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ බව ප්‍රකාශ කළේ ඖෂධ සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යි.

මෙරට පාසල් ගුරුවරුන් එන්නත්කරණය කරන ලෙස ජනාධිපතිවරයා විසින් විශේෂ උපදෙසක් ලබා දුන් බව යි ඔහු පවසන්නේ.

හැකි ඉක්මනින් එය සිදුකරන ලෙසට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද මහාචාර්යවරයා සඳහන් කළා.

ඒ අනුව ලබන සතිය ඇතුළතම මෙම වැඩසටහන ඇරඹීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !