සියලුම වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුයි – කම්කරු ඇමති

සියලුම වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
ඇමතිවරයා පවසන්නේ කිසිදු වෘත්තීය සමිති නායකයෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බවයි.

වත්කම් බැරකම් පනත අනුව වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් ලබාගැනීමට කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරියේදී කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

අපි සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා,හැබැයි දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් සේවක අයිතීන් පාවාදීමට සූදානම් වන අවස්ථාවලදී අපි ඒවාට අවශ්‍ය නිසි පියවර ගන්නවා. දරුවන්ගේ අධ්‍යාපනය උකසට අරගෙන, ආර්ථික මර්මස්ථාන දේශපාලන උවමනාවන් වෙනුවෙන් උකසට ගැනීමට අපි ඉඩ දෙන්නේ නෑ, අද අපේ තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියා කිරීමට අවශ්‍යයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් වගේ ක්ෂේත්‍රවල කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට, අතිකාල සේවය කිරීමට අවස්ථාව දෙන්න කියලා ඉල්ලනවා.ඒ ඉල්ලීම් ඉටු කරන්න යන විට වෘත්තීය සමිති නායකයින් ඇවිත් ඒවාට විරෝධය දක්වනවා.අපේ වෘත්තීය සමිති පෙනී සිටින්නේ වෘත්තිකයා වෙනුවෙන් නෙමෙයි, තමන්ගේ යල් පැන ගිය වෘත්තීය සමිති ආරක්ෂා කරගැනීමට,කොතරම් ජනප්‍රියවාදී නොවුනත්, කොතරම් විවේචන ආවත් හරි දේ කරනවා,කම්කරුවාගේ අයිතිය, සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති අපි ආරක්ෂා කරනවා.යනුවෙන් ඔහු පැවසීය.

දැනට පවතින සංකීර්ණ කම්කරු නීති වෙනුවට ඉදිරිපත් කරනු ලබන සංයුක්ත කම්කරු නීති පද්ධතියේ පළමු කෙටුම්පත මැයි මාසය වන විට සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සදහා සිය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව වෘත්තීය සමිතිවලට, ව්‍යවසායකයින්ට, ස්වාධීන මත දරන ඕනෑම අයෙක්ට විවෘත කර ඇති බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

කම්කරු නීතිය ගැන අද විශාල කතාබහක් ඇතිවෙලා තිබෙනවා.එක පැත්තකින් ආයෝජකයින් කම්කරු නීති ගැන චෝදනා කරන විට අනෙක් පැත්තෙන් කම්කරුවන්ද තමන්ගේ ප්‍රශ්න විසදා ගැනිම සම්බන්ධයෙන් චෝදනා කරනවා.
රටම වෙනසකට ලක්වන වෙලාවේ කම්කරු නීතියේ වෙනස් කිරීමට අපි ලක් කරනවා.අවුරුදු ගානක් පැරණි පනත් 40ක් විතර තිබුණත් එයින් භාවිතාවට ගන්නේ පනත් 16ක් පමණයි. එයින් වෘත්තීය සමිති ආඥා පනත, වන්දි ආඥා පනත, මාතෘ ප්‍රතිලාභ, කාර්මික ආරවුල්, සාප්පු හා කාර්යාල, රැකියා අවසන් කිරීම සම්බන්ධයෙන් පනත් ගොඩක් තිබෙනවා. අපේ රටේ කම්කරු නීතිය මොකක්ද කියලා බලන්න පනත් විශාල සංඛ්‍යාවක් ගැන අවධානය යොමු කරන්න වෙනවා. අපේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යවසායකයෙක්ට රටේ තිබෙන කම්කරු නීතිය මොකක්ද කියලා බලාගන්න බෑ. කම්කරුවෙක්ට තමන්ට තිබෙන අයිතීන් මොනවාද කියලා බලන්න ගියාම ලේසියෙන් ඒවා බලාගන්න අමාරුයි. විශේෂයෙන්ම කම්කරුවන් තමන්ගේ අයිතීන් ලබාගන්න ගියාම වසර ගණනාවක් කාලය නාස්ති කරන්න වෙනවා. ආයතනවලටත් යම්කිසි
සේවකයෙක්ගේ කුසලතාවයක් නැතිනම්, ඒ සේවයකයා අයින් කරන්න බැරි තත්වයක් තිබෙන්නේ. මේ පනත්වල විශාල ව්‍යාකූලත්වයක් ඇතිවෙලා තියෙනවා.

කාන්තාවකට රෑට සේවය කරන්න බෑ. මේ රටේ තියෙන නීතිය අනුව කාටවත් අර්ධකාලීන රැකියා කරන්න බෑ. ආයතයකට බදවා ගන්නා සේවකයෙක්ගේ ඵලදායිතාවය අඩු නම් ඒ සම්බන්ධයෙන් ආයතනවලට කටයුතු කරන්න බෑ. වැඩ නොකළත් ආයතනයට වෙලා ඉන්න පුලුවන්. ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නෑ. මේ වගේ තත්වයක් ඇතුලේ විදේශීය ආයෝජකයින් ලංකාවට ඒවිද? ලෝකයේ ව්‍යාපාර කිරීමේ පහසුකම් අඩු රටක් බවට ලංකාව පත් වෙලා තිබෙන්නේ මේ කම්කරු නීතියේ පවතින දුර්වලතා නිසා. විදේශීය අයෝජකයින් තවත් ආකර්ශනය කරගැනීමට අවශ්‍ය නම්, දේශීය ව්‍යවසායකයින් නව ව්‍යාපාර ආරම්භ කරනු දැකීමට අවශ්‍ය නම් මේ කම්කරු නීති රටට බාධාවක් වෙලා තිබෙනවා.

වැඩ කරන ජනතාව වඩාත් කාර්යක්ෂම පිරිසක් බවට පත් කරන්න, ඔවුන්ගේ දක්ෂතාවය මත ඉදිරියට යාමට අවස්ථාවක් දෙන්න, විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න දරුවන්ට අර්ධකාලීන රැකියාවක් කිරීමට අවස්ථාව ලබාදෙන්න බාධක රැසක් තිබෙනවා. මේ නිසා තමයි ශ්‍රම බලකාය ශක්තමත් කරන, ආයෝජකයින් ආකර්ශනය කරනු ලබන වැඩපිලිවෙලක් අපි හදලා තියෙන්නේ.

අපි මැයි මාසය වන විට අලුත් කම්කරු නීතිය සම්බන්ධයෙන් වන දළ සැකැස්ම අපි ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයට අපි ඒක ඉදිරිපත් කරන්න අපේක්ෂා කරනවා.

අද අපේ රටේ ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ් ගෙවන ආයතන තියෙන්නේ ලක්ෂයකටත් වඩා අඩුවෙන්. බදු ගෙවන ආයතන සංඛ්‍යාව ලක්ෂ තුනකට වඩා අඩුයි. ලංකාවේ ව්‍යාපාරික ආයතන කොතරම් කුඩා ප්‍රමාණයක්ද තියෙන්නේ බලන්න.රටේ ව්‍යාපාරික ආයතන වැඩි කරන්න, රටේ ව්‍යවසායකයින් වැඩි කරන්න කම්කරු ක්ෂේත්‍රෙයන් ලබාදිය හැකි උපරිම සහාය අපි ලබාදෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48