සිපෙට්කෝ තෙල් මිල ඉහළ යයිද? – බලශක්ති අමාත්‍යාංශය කියූ දේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට දැනට තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට ප්‍රතිචාර දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා.