spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිනමා නළු රේ ස්ටීවන්සන් ජීවිතක්ෂයට

බ්‍රිතාන්‍ය සිනමා නළු රේ ස්ටීවන්සන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියයන විට ඔහු 59 වන වියේ පසුවුණා.

1964 වසරේ මැයි මස 24 වනදා උපත ලබා ඇති රේ ස්ටීවන්සන්ගේ 60 වන ජන්ම දිනය තවත් දිනකින් එළඹීම විශේෂත්වයක්.

ඉතාලියේ ඉෂියා දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් ඇනා රිසෝලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

තෝර් සහ ස්ටාර් වොර්ස් චිත්‍රපට මාලාවෙන් ඔහු ප්‍රේක්ෂකයින් අතර ජනාදරණයට පත් වූ චරිතයක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
17
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?