spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිදුවන්න ගිය විනාශයෙන් පෘථිවිය රැකගත් නාසා ආයතනයේ “ඩාර්ට්” මෙහෙයුම

ඉදිරි දිනක පෘථිවියේ ගැටීමට පැමිණෙන ග්‍රහකයක ගමන් මඟ වෙනස් කර පෘථිවිය බේරාගැනීමේ අරමුණින් නාසා ආයතනය සිදුකළ මෙහෙයුමක් සාර්ථක වී තිබෙනවා.

“ඩාර්ට්” ලෙස නම්කර තිබූ මෙම මෙහෙයුම නියමුවන් නොමැති කුඩා රොබෝ යානයක් අදාළ ග්‍රහකයේ ගැටීමට සලස්වමින් එම ග්‍රහකයක ඉදිරියේ දී පෘථිවියේ ගැටීමට ඇති අවදානම වළක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එහිදී පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 11ක් දුරින් අභ්‍යවකාශයේ සැරිසරන ග්‍රහකයට එම යානය අධික වේගයෙන් ගැටීමට සලසවා එම ඝට්ටනය හරහා ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීමට හැකි වූ බවයි නාසා විද්‍යාඥයන් සඳහන් කළේ.

රොබෝ යානය හැපෙන්න සැලැස්වූයේ මීටර් 160ක විශ්කම්භයකින් යුත්, ‘ඩිමෝර්පස්’ නමැති ග්‍රහකයේ වන අතර යානය එහි ගැටුණේ පැයට කිලෝ මීටර් 21,600 ක වේගයකින්.

නාසා ආයතනය විසින් යානයක් හිතාමතා ග්‍රහකය හැපීමට සැලැස්වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?