සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වෙයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපරභාග 02.59 ට උදා වුණා.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය උදා වුණේ අද උදෑසන 08.35ට යි. අද රාත්‍රී 09.23 ට පුණ්‍ය කාලය නිමාවට පත් වන බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබුණේ අපරභාග 02.59 ටයි. ආහාර පිසීමේ නැකත අපරභාග 03.29 ට උදාවනවා. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප්බැඳ ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අපරභාග 05.05 ටයි. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගණුදෙනු කර, ආහාර අනුභවය මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 09.41 ටමෙවර අළුත් අවුරුද්දේ නැකත් වාරිත්‍රවලට අනුව හිස තෙල්ගෑමේ නැකත යෙදී තිබෙනවා. “රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි” යනුවෙනුයි නැකැත් සීට්ටුවේ සඳහන් වී ඇත්තේ.

රැකීරක්ෂා සඳහා පිටත්වීමේ නැකත අප්‍රේල් 17 වන සඳුදා පූර්ව භාග 06.28 ට යෙදී තිබෙනවා. ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතක් ද ඇතුලත්ව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 20 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසු යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?