සිංහයින්ට සුපිරි ජයක්

බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 2 ට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත්වුණා.

ඒ, දෙරට අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 192කින් ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගැනීමත් සමගයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 531 ක් ලබාගත්තා.

ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ පිලට ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 178 ක් පමණයි.

අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථකත්වයකින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔවුන් කඩුලු 07 කට ලකුණු 157 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව තරගය ජයග්‍රහණය සඳහා 512 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිලට සිය දෙවන ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 318ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
18
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?