සිංගිමලේ ජලාශයට සිසුවෙකු වැටුණු නිසා ජලාශයෙන් ජලය ලබා ගැනීම නතර කර දමයි

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත් වීමත් සමග එම ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව ජූලි 08 වැනි දින සිට නතර කර ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ වැඩබලන නිලධාරි ලාල් විජේනායක මහතා පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තිළිණි මහත්මිය ඇතුළු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම ජලාශයේ ජලය පානීය ජලය සඳහා ලබා ගැනීම සුදුසු ද යන්න පිළිබඳ ව සොයා බැලීමට සිංගිමලේ ජලාශයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මේ බව පැවසූ බවයි.

එම ජලාශයට නිතර පාසල් ළමුන් ඇතුළු විවිධ පුද්ගලයන් දිවා කාලයේ දී පැමිණෙන නිසා ජලාශයට ඇතුල් වීම තහනම් කිරීමට සහ ආරක්ෂිත වැටක් ඉදි කිරීමට හෝ දිවා කාලයේ දී මුරකරුවෙකු යෙදවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය උපදෙස් දී තිබෙනවා.

දැනට එම ජලාශයේ ජල සාම්පලයක් ලබාගෙන ජල සම්පාදන මණ්ඩලයේ රසායනාගාරය වෙත යොමු කර ඇති බවත්, එහි වාර්තාව ලැබීමෙන් පසු ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරීන්ගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ලාල් විජේනායක මහතා කියා සිටියේ.

දැනට හැටන් දික්ඔය ඉන්වේරි ජල මූලාශ්‍රයෙන් ජලය ලබා ගෙන පිරිපහදු කර පාරිභෝගිකයන්ට පිරිසිදු පානීය ජලය සීමා කර නිකුත් කරන බවත්, දැනට සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා නොගැනීම නිසා ජල පාරිභෝගිකයන්ට ගැටළුවක් මතු වී නොමැති බව ද වාර්තා වනවා.

සිංගිමලේ රක්ෂිතයේ ඡායාරූප ගැනීමට ගොස් ආපසු ජලාශ වේල්ල මතින් පාසල් සිසුන් 06 දෙනෙකු නිවස කරා එන අතරතුර ජලාශයෙන් පය සේදීමට උත්සාහ කළ හැටන් – කොටගල කේම්බ්‍රිජ් විදුහලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 18 හැවිරිදි රාම් මූර්ති තමිල් මාරන් නමැති සිසුවා ජලාශයට වැටී අතුරුදන්ව සිටියදී නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ඊයේ (09) දින සිරුර ගොඩගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
14
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?