සැප්තැම්බර් මාසය තුල පමණක් 16ට අඩු ගැහැණු ළමුන් 22ක් ගැබිනියන් වෙලා

සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් අවශ්‍ය, පාසල් ගැහැණු ළමුන් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා පිළිබඳවත් මෙරට සකස්විය යුතු ප්‍රතිපත්ති පිළිබඳවත් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඇතුළු මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් සමග රජයේ මුදල් පිලිබඳ කාරක සභාව විශේෂ සාකච්ජාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

අයවැය යෝජනා තුළින් අඩු අවධානය යොමුව ඇති, නමුත් සම්පුර්ණ අවධානය යොමුවිය යුතු අංශ ගණනාවක් ගැන මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන් කරුණු පෙන්වා දෙනු ලැබුවා. එහිදී කාන්තා සුබසාධනට යොමුව ඇති අඩු අවධානය නිසා ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ඔවුහු කාරක සභාව දැනුවත් කළ අතර පාසැල් ගැහැණු ළමුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝව සාකච්ජා වී තිබෙනවා.

ඒ අනුව සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් අවශ්‍ය, පාසල් ගැහැණු ළමුන් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වුණා.

මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති අතර ඉන් වයස 16ට අඩු ගැහැණු ළමුන් 22 ක් ගැබ්ගෙන ඇති බවයි කාරක සභාවේදී අනාවරණය වූයේ. ඒ අනුව ළමන් සඳහා ලිංගික අධ්‍යපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් බව සිවිල් සංවිධාන නියෝජිතයින් කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

එමෙන්ම මෙරට වැඩිහිටි රැකවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය වියයුතු බව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙනවා. මානසික සෞඛ්‍ය වර්ධනය උදෙසා පවතින පැරණි පනත සංශෝදනය කරමින් වර්තමානයට ගැලපෙන අයුරින් සකස්වීමේ අවශ්‍යතාවය සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හලාවත මහ රෝහලට සජිත්ගෙන් වටිනා පරිත්‍යාගයක්
03:16
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04


?