සැප්තැම්බර් මාසය තුල පමණක් 16ට අඩු ගැහැණු ළමුන් 22ක් ගැබිනියන් වෙලා

සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් අවශ්‍ය, පාසල් ගැහැණු ළමුන් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා පිළිබඳවත් මෙරට සකස්විය යුතු ප්‍රතිපත්ති පිළිබඳවත් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඇතුළු මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් සමග රජයේ මුදල් පිලිබඳ කාරක සභාව විශේෂ සාකච්ජාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

අයවැය යෝජනා තුළින් අඩු අවධානය යොමුව ඇති, නමුත් සම්පුර්ණ අවධානය යොමුවිය යුතු අංශ ගණනාවක් ගැන මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන් කරුණු පෙන්වා දෙනු ලැබුවා. එහිදී කාන්තා සුබසාධනට යොමුව ඇති අඩු අවධානය නිසා ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ඔවුහු කාරක සභාව දැනුවත් කළ අතර පාසැල් ගැහැණු ළමුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝව සාකච්ජා වී තිබෙනවා.

ඒ අනුව සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් අවශ්‍ය, පාසල් ගැහැණු ළමුන් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වුණා.

මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති අතර ඉන් වයස 16ට අඩු ගැහැණු ළමුන් 22 ක් ගැබ්ගෙන ඇති බවයි කාරක සභාවේදී අනාවරණය වූයේ. ඒ අනුව ළමන් සඳහා ලිංගික අධ්‍යපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් බව සිවිල් සංවිධාන නියෝජිතයින් කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

එමෙන්ම මෙරට වැඩිහිටි රැකවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය වියයුතු බව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙනවා. මානසික සෞඛ්‍ය වර්ධනය උදෙසා පවතින පැරණි පනත සංශෝදනය කරමින් වර්තමානයට ගැලපෙන අයුරින් සකස්වීමේ අවශ්‍යතාවය සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

  1. SIYA JEEWITHAYE DEWANI DASHAKAYEN ADAK PAHU KARANNA KALIN SEX KARALA BADADARU KARAPU EKA SAMAJA SANGSKRUTHIKA GARA WATEEMAK, DARUNU PIRIHEEMAK, DARUNUMA NAYA YAMAK. EYI EHEMA UNE? 1.PALANAYAKIN THORA OPEN ECONOMY. 2. 35 AWURUDU WAR EKA 3. PALANAYAKIN THORA MOBILE PHONE, INTERNET, LAPTOP TAB CULTURE EKA. 4. GEHENUN MEDHA PERADIGA YEMA. . PIRIMIN SAHA BOHO GEHENUN MATHPAN, MATH KUDU, WALATA ABBAHI WEEMA. 5. PANSALIN, PALLIYEN, KOVILEN MINISUN EYITH WEEMA. 6. DUGEE DUPPATH KAMA, NUGATH KAMA, LINGIKA ADHYAPANAYA , ARAKSHITHA LINGIKA HASIREEMA GENA PASAL HO GEDAIN DANUWATH NOKIREEMA. 7. ANARAKSHITHA BAWA. ONEMA GENU LAMAYEK BIYA WANNE PALAMU WATHAWATA LINGIKAWA EK WEEMAYI. ITA PASU EHI BIYA NATHIWA YANAWA, EYIN LABENA VINDHANAYA NISA KEMATHTHENMA NEWATHA NEWATHA EKATHU WENAWA. PIRIMIYA UNATH MULADHI CONDM USE KALATH ADA EKATH ADHILA MILA NISA USE KARANNE NAHE. NAMUTH DANUMAK ATHI AYA PARISSAMIN EKATHU WENAWA. ME GODAK PIRIMINTA KSHANIKA MOCHANAY, EJECTION PALANAYAKIN THORAYI, NDANNEMA ANAPEKSHITHAYA YANAWA. NAMUTH MANA PALANAYAK ATHI AYA TIKA DENEK INNAWA, EYALA GENA GEHENUNTA WISHWASA NISA CONDOM NATHIWA EKATHU WENAWA. EJECT EKKA ITHAMA ASANNAYEDHI ELIYATA ARAN EJECT KARANAWA. GODAK PIRIMI N GE THIYENA MUGDHA KAMA NIA SAHA WIKURTHI ASHAWA, PALI GANNEEMA NISA DENA DENAMA ATHULEMA YAWANAWA, GEHENIYA GE WIRODHAYA NOTHAKA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23